මන්කිපොක්ස් ලෙස සැලකෙන දුර්ලභ ගණයේ රෝගක් එංගලන්තයෙන් වාර්තාවෙයි....
Sun, May 08, 2022- Page Views : 0 results
මන්කිපොක්ස් ලෙස සැලකෙන දුර්ලභ ගණයේ රෝගක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බව එංගලන්ත සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
මන්කිපොක්ස් රෝගය අප්‍රිකාවට සම්බන්ධ රෝගයක් බවටයි මේ වන විට හඳුනාගෙන ඇත. වඳුරන්ගෙන් බෝවන මෙම රෝගයට ප්‍රතිකාර ද නොමැති බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන්නේ. මන්කිපොක්ස් රෝගය මිනිසුන් අතර පහසුවෙන් පැතර නොයන දුර්ලභ වයිරස් ආසාදනයක් වන අතර මිනිසුන්ට බෝ වුණහොත් එය සති කිහිපයක් ඇතුළත අඩුවන බවට වාර්තා කර ඇත.
නමුත් සමහර පිරිසට රෝගය වැළඳුනහොත් රෝගය වර්ධනය වී දරුණු විය හැකි බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. රෝගය වැළඳුණු පුද්ගලයා පසුගිය දා නයිජිරියවේ සංචාරයකට ගොස් පැමිණ ඇති බව සඳහන්. ඔහු මේ වන විට හුදකලා ගත කර ප්‍රතිකාර ලබාදීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ. මන්කිපොක්ස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසේ කැක්කුම, ඇඟපත රිදීම වැනි රෝග ලක්ෂණ මතුවන බවට වැඩි දුරටත් සදහන් කර ඇත.