යුක්රේනයේ අවතැන් පිරිස් රඳවා සිටි පාසලකට රුසියාවෙන් බෝම්බ ප්‍රහාරක්....
Sun, May 08, 2022- Page Views : 0 results
රුසියා හමුදා නැගෙනහිර යුක්රේනයේ අවතැන් පිරිස් රඳවා සිටින පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. විශාල පිරිසක් මිය ගොස් ඇති බවටයි යුක්රේන හමුදා මේ වනවිට වාර්තා කර ඇත.
රුසියා හමුදා ප්‍රහාර එල්ල කළ යුක්රේනයේ ලුහාන්ස්ක් කලාපයේ ඇති මෙම පාසලේ යුද්ධයෙන් පීඩාවට පත් යුක්රේන වැසියන් 90කට ආසන්න පිරිසක් රඳවා සිටියා. බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට වාර්තා වී තිබේ.
පාසල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිරවී සිටින බවටයි තොරතුරු හෙලිවී ඇත. මේ වනවිට සුන්බුන් අතර සිටි 30 දෙනෙකු පමණ බේරාගැනීමට හැකිවී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට ආරම්භ වූ රුසියා යුක්රේන අර්බුධයෙන් මේ වන විට යුක්රේනයේ පුද්ගලයින් 2,345 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.