WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 40ක ආධාර තොගයක්....

Wed,May11,2022- Page Views : 0 results

යුක්රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 40ක ආධාර තොගයක් ලබා දීමට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම නවතම ආධාර තොගය යුක්රේනයට අවශ්‍ය යුද උපකරණ සහ ආර්ථික අවශ්‍යතා සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුක්රේනයට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පසුගිය දා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 368ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු එය සෙනට් සභාවට වෙත යොමු වීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ආධාර මැයි මාසය අවසන් වීමට පෙර යුක්රේනයට ලබා දීමටත් කටයුතු කරන බව ඇමෙරිකා බලධාරීන් සඳහන් කර ඇත.