WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේන යුද්ධය දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේ සූදානමක්....

Wed,May11,2022- Page Views : 0 results

යුක්රේන යුද්ධය දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේ සූදානමක් රුසියා ජනාධිපතිවරයාට ඇති බව ඇමෙරිකා බුද්ධි අංශ සඳහන් කර තිබේ.

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින ගැටුම් අවසන් නොවී ඇති මොහොතකයි ඇමෙරිකා බුද්ධි අංශ මෙලෙස අනතුරු අඟවා තිබෙන්නේ. ඇමෙරිකා බුද්ධි අංශ අධ්‍යක්ෂ ඇව්රිල් හෙයින්ස් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය අල්ලා ගැනීම මෙන්ම ඉදිරියට මෙම යුද්ධය රැගෙනයාම රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින්ගේ අභිප්‍රාය බවයි. රුසියා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව තුලින් ඇමෙරිකාව සහ යුරෝපා රටවල් තවදුරටත් යුක්රේනයට සහාය ලබාදීම සිදු කරනු ඇති බව ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර ඇත.

ඒ තුළින් රුසියාවේ මෙන්ම ලොව අනෙකුත් රටවලටද උද්ධමනය, ආහාර හිගය සහ බලශක්ති මිල ගණන් ඉහළ යාම නරක අතට හැරෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. යුක්රේන රුසියා යුද්ධය මෙලෙස වර්ධනයවීම තුළින් රුසියා ජනාධිපතිවරයා ඉදිරියේදී න්‍යෂ්ටික අවි භාවිතයටද යොමුවීම ලෝකයටද තර්ජනයක් විය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.