ෆින්ලන්තයත් රුසියාවට එරෙහි වෙයි......
Fri,May13,2022- Page Views : 0 results
රුසියාවට එරෙහිව නැගී සිටීම සදහා තමන්ට යළි නේටෝ සංවිධානයේ සාමාජිකත්වය කඩිනමින් ලබාදෙන ලෙස ෆින්ලන්තය ඉල්ලීමක් කර තිබේ.
එරට ජනාධිපති සෝලි නිනිස්ටෝ සහ අග‍්‍රාමාත්‍ය සන්නා මැරින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ නේටෝ සංවිධානයේ තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවට සදහන්ව ඇත.
රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා බටහිර රටවල් රැසක් ඉල්ලූම් කර ඇති අතර එය දිනෙන් දින ඉහළ යන බව සදහන්වී තිබේ.
ෆින්ලන්තය සහ රුසියාව කිලෝමීටර් 1300 ක් දිග දේශසීමාවකින් වෙන්වන අතර තම අසල්වැසියාට විරුද්ධවීමෙන් වැලකීම සදහා ෆින්ලන්තය මීට පෙර නේටෝ සංවිධානයෙන් ඉවත් වී ඇත.