ඉලෝන් මස්ක් ට්වීටර් සමාගමට ගෙවීම අත්හිටුවයි.....
Sat,May14,2022- Page Views : 0 results
ඉලෝන් මස්ක් ට්වීටර් සමාගම මිලදී ගැනීමට අදාලව ඩොලර් බිලියන 44 ක් ගෙවීම අත්හිටුවා තිබේ.
ව්‍යාජ සහ අයාචිත ගිණුම් පරිශීලකයින් සියයට 5 කට වඩා අඩු ප‍්‍රමාණයක් නියෝජනය වන බවට ගණනය කිරීම සදහා අවශ්‍ය තොරතුරු ලබාදෙන තෙක් මෙසේ ඔහු විසින් එම ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් විශ්ලේශකයින් පවසා ඇත්තේ ඔහු මිල ගැන නැවත සාකච්ඡා කිරීමට හෝ ට්වීටර් සමාගම මිලදී ගැනීම මඟහැරීමට උත්සහා කරන බවට වැඩිදුරටත් දැනගැනීමට ලැබී තිබේ.
ඉලෝන් මස්ක් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ට්වීටර් සමාගමේ කොටස් සියයට 10 කින් පමණ පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තර ඇත.