WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාඕ සේතුන් අතින් රචනා කළ ලිපි කිහිපයක් සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට...

Sat,May14,2022- Page Views : 0 results

චීනයේ හිටපු කොමියුනිස්ට් නායක මාඕ සේතුන් අතින් රචනා කළ ලිපි කිහිපයක් සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම ලිපි අලංකාර චීන අක්ෂර යොදාගනිමින් රචනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.සොරාගත් පුද්ගලයන් ඒවායේ වටිනාකම පිලිබද අවබෝධයකින් පසුවී නොමැති බවද විමර්ශනවලදී හෙළි වුණා. ඔවුන් ඒවා විකුණා ඇත්තේ ඇමෙරිකා ඩොලර් 25 කට පමණයි. එහෙත් මෙම අත්පිටපත් කළ වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 300 ක් ඉක්ම වන බව හෙළි වී තිබෙනවා. මුලින්ම අත්පිටපත් මිලදී ගත් පැරණි භාණ්ඩ එකතු කරන පුද්ගලයාද ඒවායේ වටිනාකම පිළිබද නොදැන සිටි බවයි වාර්තා වන්නේ.