WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද අපරාධ කළ රුසියා සෙබලුන්ට එරෙහිව පරික්ෂණ.....

Sun,May15,2022- Page Views : 0 results

යුද අපරාධවල නිරත වූ රුසියා සෙබලු 40 කට වැඩි පිරිසකට එරෙහිව පරික්ෂණ පැවැත්වීමට යුක්රේනය පියවර ගෙන තිබේ. ඒ යටත් පළමු රුසියා සෙබලාට එරෙහි විමර්ශනය ආරම්භ වුණා.

වයස අවුරුදු 21 ක රුසියා සෙබලෙකුට එරෙහි නඩු ඇසීම සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔහු වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වනවා. කෙසේ වෙතත් රුසියාව සදහන් කරන්නේ තමන් නිරායුද සිවිල් වැසියන් ඝාතනය නොකළ බවයි. සීසීටීවී දර්ශන ඇතුළු සාක්ෂි පදනම් කරගනිමින් මෙම විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි. මරියුපෝල්හි සිරවී සිටින පුද්ගලයන් මුදාගැනීම සදහා රුසියාව සමග තවදුරටක් සාකච්ඡා පැවැත්වීමට යුක්රේනය සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. රුසියා හමුදා යුක්රේනයේ වරාය කිහිපයක් අවහිර කර තිබීම නිසා රට තුල දැවැන්ත ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි අන්තර්ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ.

රුසියා හමුදා යුක්රේන වරාය කිහිපයක් අවහිර කිරීම නිසා යුක්රේනය තුළ දැඩි ආහාර අර්බුදයක් ඇති වීමේ අවදානමක් ද මතු වී තිබෙනවා.