WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මරිපෝල් නගරයේ සිර වී සිටි යුක්‍රේන හමුදා සාමාජිකයන් පිරිසක් මුදා ගැනේ

Tue, May 17,2022- Page Views : 0 results

යුක්‍රේනයේ මරිපෝල් නගරයේ වානේ කම්හලක් තුළ සති ගණනාවක් සිරවී සිටි යුක්‍රේන සෙබළුන් 264 දෙනෙකු මුදා ගෙන තිබේ.

ඒ අතරින් දරුණු තුවාල ලැබූ සෙබළුන් 53 දෙනෙකු නොවොසොවික්ස් නගරයටත් අනෙක් හමුදා සාමාජිකයින් 211 දෙනා ඔලනිව්කා නගරයටත් පිටත් කර යැවූ බවයි යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ වානේ කම්හල පිහිටි ප්‍රදේශය රුසියානු හමුදා වටකර තිබීම හේතුවෙන් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් සති කිහිපයක් පුරා එම ස්ථානයේ සිරවී සිටියා. ජාත්‍යන්තර සංවිධානවලද මැදිහත් වීමෙන් එහි සිටි සිවිල් වැසියන් පිරිසක් මීට පෙර මුදා ගෙන තිබේ.