WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුරෝපා සංගමයට අයත් රටවල් දැඩි අර්බුදයක.....

Tue, May 17,2022- Page Views : 0 results

රුසියාවෙන් ගෑස් ආනයනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කිරීමත් සමග එම සංගමයට අයත් රටවල් දැඩි අර්බුදයකට මුහුණදී ඇත.

රුසියාවෙන් ආනයනය කළ ගෑස් ප්‍රමාණයට සරිලන ලෙස වෙනත් රටකින් ගෑස් ලබාගැනීමට යුරෝපා සංගමයට හැකියාවක් නොලැබෙනු ඇති බවටයි විශ්ලේෂකයින් අනතුරු අගවන්නේ. එසේ වුවහොත් ශීත සෘතු සමයේදී ජනතාවට දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවී තිබේ.

එමෙන්ම ගෑස් මිල ඉහළ යාමද මෙම තත්ත්වය බරපතල කිරීමට හේතුවී තිබෙනවා. මේ අතර ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකම ගෑස් ඒකකයක මිල ඇමෙරිකා ඩොලර් 4 යි සත 43 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජීවන වියදම සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති අතර එරට පුරවැසියන් බහුතරයකට රජයේ ආධාර අවශ්‍ය මට්ටමට පැමිණ ඇති බවද සදහන්.

පසුගිය මාසයේ දී එරට උද්දමනය සියයට 7 ක් දක්වා ඉහළ ගිය අතර එය වසර 30 කට පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා. යුරෝපා රටවල්, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාවට මෙවැනි අර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන ප්‍රධානම සාධකය ලෙස රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම දැක්විය හැකියි.