පින්ලන්තයත් ස්වීඩනයත් නිසා තුර්කියෙන් නේටෝවට චෝදනා......
Tue, May 17,2022- Page Views : 0 results
ෆින්ලන්තය හා ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා සිදුකළ ඉල්ලීම අවහිර කිරීමට කටයුතු කරන බවට තුර්කිය අනතුරු අගවා ඇත.
මේ අතර එම රාජ්‍යයන් දෙක නේටෝ සංවිධානයේ සාමාජිකත්කවය ලබා ගැනීම තම රටේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි රුසියා ජනාධීපති ව්ලැඩ්මීර් පුටින් සදහන් කර තිබේ.
යුක්රේනයට සහාය පළකිරීමක් ලෙසයි පින්ලන්තය හා ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා බව ඊයේ නිවේදනය කළේ. එයට ප්‍රතිචාරයක් ලෙසයි තුර්කි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ. නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පින්ලන්ත හා ස්වීඩන නිලධාරීන් තුර්කියට පැමිණීම අවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා පවසනවා.
රුසියා යුක්‍රේන යුධ ගැටුම් නවතාලීම සදහා පැවැත්වෙන සාමසාකච්ඡාවන් හි මැදිහත්කරුවෙකු ලෙස ද තුර්කිය තම දායකත්වය සපයනවා.
මරියුපෝල් නගරයේ වානේ කර්මාන්ත ශාලාව තුළ සිරව සිටි යුද සෙබලුන් ඉවත්කර ගැනීම ආරම්භ කළ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. රුසියා ප්‍රහාර හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් යුක්රේන යුද සෙබලුන් වානේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ සිරව සිටියා.
මානුෂීය කොරිඩෝව හරහා මේ වනවිට තුවාල ලැබූ යුද සෙබලුන් 53 දෙනෙකු හා තවත් සෙබලුන් 200 කට අධික සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය බව ද සදහන්. කෙසේ වුවද තුවාල ලැබූ සෙබලුන් පමණක් ඉවත්කර ගැනීමටයි රුසියාව අවසර ලබාදී තිබුණේ. මේ අතර යුක්රේන හමුදා භාරයේ සිටින රුසියා යුද සෙබලුන් තම සෙබලුන් සදහා හුවමාරුකර ගැනීමට ද යුක්රේනය කැමැත්ත පළකර තිබේ.