විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් එවා පාකිස්තානය ගොඩ ගනී
Thu June 2,2022- Page Views : 0 results
පාකිස්තානය මේවනවිට මුහුණ පා ඇති දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස් රටවල සිටින එරට ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනු ඇත. ඒ අනුව 2021 - 2022 වසර තුළ පාකිස්තානයට සැලකිය යුතු ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම වාර්තාවලට අනුව විදෙස් රටවල සිටින පාකිස්තානු වැසියන් ඩොලර් එවීම හේතුවෙන් 2021 - 2022 මූල්‍ය වසර තුළ සැලකිය යුතු ලෙස ප්‍රේෂණ ගලාඒමක් සිදුව තිබේ.
ඒ අනුව 2021 - 2022 මූල්‍ය වසරේ මුල් මාස 09 තුළ පමණක් විදෙස්ගත පාකිස්තානුවන් විසින් ඩොලර් බිලියන 23ක ප්‍රේෂණ එවීමක් සිදුකර ඇති අතර මාර්තු මාසයේදී එරටට ප්‍රේෂණ ගලා ඒම ඩොලර් බිලියන 2.8 ක් බවයි වාර්තා වේ.
පාකිස්තාන රාජ්‍ය බැංකුව අනාවරණ කර ඇති පරිදි එය කම්කරුවන්ගේ ප්‍රේෂණ සඳහා මෙතෙක් පැවති ඉහළම මාසික මට්ටම බවට ද වාර්තා වේ.