WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තුර්කිය සිය රටේ නම වෙනස් කරයි

Fri June 3,2022- Page Views : 0 results

තුර්කියේ නම වෙනස් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවේදී ‘ට(ර්)කි‘ යන නමින් හැඳින්වූ තුර්කිය මින් ඉදිරියට ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘තුර්කියේ‘ ලෙසයි. එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත විධිමත් ලිපියකින් දැනුම්දීමත් සමඟ එම සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්ය.

‘ට(ර්)කි‘ යන නමින් ඉංග්‍රීසි භාෂාවේදී ‘කලුකුමා‘ යන සත්ත්වයා ද හඳුන්වන බැවින් සිය රට මෙම තීරණය ගෙන ඇති බව තුර්කි බලධාරීන් පවසනු ඇත.

එරට ජනාධිපතිවරයා පවසන්නේ ‘තුර්කියේ‘ යන නම හරහා සිය රටේ ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය හා සාරධර්ම නියෝජනය වන බවයි. දැනටමත් ඇතැම් පිරිස් ‘තුර්කියේ‘ සිය රටේ නම භාවිත කළද තවත් ප්‍රදේශවල ‘ට(ර්)කි‘ යන ඉංග්‍රීසි නාමය තවදුරටත් භාවිත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.