WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක බලවතාව මිනිත්තු 45ක්

Sun June 5,2022- Page Views : 0 results

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳව හදිසියේම ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමට ඔවුන්ගේ ආරක්ෂාව භාර නිලධාරීන් විසින් පියවර ගනු ලැබූ බව වාර්තා වේ.

ජනාධිපතිවරයා රැඳී සිටි ඇට්ලන්ටා හි පිහිටි Delaware නිවස ආසන්න ප්‍රදේශයේ නම් කර ඇති තහනම් ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුල්වූ සැහැල්ලු ගුවන් යානයක් ඇතුල්වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට ආරක්ෂක අංශ වලට සිදුවූ බව සඳහන්ය.

ඒ අනුව ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයාව සහ ඔහුගේ බිරිඳ රැඳී සිටි Delaware ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට ආසන්නයේ පිහිටි ගිනි නිවීමේ මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

තහනම් ගුවන් කලාපයට ඇතුල් වූ සැහැල්ලු ගුවන් යානය අදාළ ගුවන් කලාපයෙන් ඉවත් කර අසල පිහිටි ගුවන් තොටුපොළක් වෙත රැගෙන යාමට අමෙරිකානු ගුවන් හමුදාවේ F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් කටයුතු කර තිබු බවයි ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශය පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

මේ වන විට අදාළ ගුවන් නියමුවාගෙන් ප්‍රශ්න කරමින් පවතින බවත්, දැනට හෙළිවී ඇති කරුණු අනුව ඔහු විසින් නියමුවන්ට අදාල පියාසර රෙගුලාසි අනුගමනය නොකර ඇති බවට හෙළිවී ඇති බවයි සඳහන් වී ඇත.

සිදුවිමෙන් මිනිත්තු 45 කට පසුව ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ රැඳී සිටි ආරක්‍ෂිත ස්ථානයෙන් පිටතට රැගෙන යෑමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවරෙන් පිටත ප්‍රදේශයක රැඳී සිටිනම් එම ප්‍රදේශයට අසන්න ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කිරිමට සහ ගුවන් නියමුවන්ට සිය ගුවන් යානා හැසිරවීමට අදාලව උපදෙස් මාලාවක් නිකුත් කිරිම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් සිදුකරනු ලබන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.