WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුටීන්ගෙන් යුක්රේනයට යළි අනතුරු ඇගවීම්

Mon June 6,2022- Page Views : 0 results

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනු ඇත.

සති කිහිපයකට පසු කිව් අගනුවරට රුසියාව විසින් ඊයේ දිනයේදී ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුවයි රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. එමෙන්ම ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ යුක්රේනයට දිගුදුර රොකට් අවි ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති පසුබිමකයි.

එලෙස යුක්රේනයට අවි සැපයීම යුද ගැටුම් තිව්‍ර කිරීමට හේතුවක් වනු ඇති බවත්, යුක්රේනය දිගුදුර රොකට් අවි ලබාගන්නේ නම් සුදුසු නිගමනවලට එළඹෙන බවත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්ය.