WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රහාරයේ වගකීම අයි.එස්.ත්‍රස්ත සංවිධානය භාර ගනී

Mon, June 20, 2022- Page Views : 0 results

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂීක්වරුන්ගේ යාඥා මෙහෙයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු පසුගිය දා මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඊට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව අයි.එස්. ත්‍රස්තයන් වැඩි දුරටත් පවසා ඇත.

ප්‍රහාරයෙන් ෂීක් බැතිමතුන් දෙදෙනකු මියගොස් ඇති අතර සිවු දෙනකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.