WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේටෝ සංවිධානය නිසා තුර්කියත් රුසියාවට එරෙහි වන ලකුණු

Wed, June 29, 2022- Page Views : 0 results

ස්විඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා සහාය ලබාදීමට තුර්කිය එකග වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම රටවල් ද්විත්ව නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරීම සම්බන්ධයෙන් තුර්කිය මීට පෙර විරෝධය පළ කළත් එම රටවල් සමග පැවැති සාකච්ඡා වටයකින් අනතුරුව තුර්කිය ඊට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තාවේ.

තුර්කියේ කැමැත්ත නොලැබීම හේතුවෙන් ස්විඩනයට හා ෆින්ලන්තයට, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලැබීම සඳහා බාධා එල්ල වුණාය. ඊට හේතුව වූයේ තුර්කිය නේටෝ සාමාජිකයෙකු වීම සහ එක් සාමාජිකයෙකු හෝ විරුද්ධ වෙයි නම් රටකට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකි වීමයි.

තුර්කියේ කුර්දි සටන්කාමීන් ආරක්ෂා කරන බවට ස්විඩනයට හා ෆින්ලන්තයට තුර්කිය මීට පෙර චෝදනා කළ අතර ඒ හමුවේ පැවතුනේ දැඩි රාජ්‍ය තාන්ත්‍රික විරසකභාවයකි. කෙසේවෙතත් සිය රටවල් තුළ සිටින කුර්දි සටන්කාමීන් බවට සැකකෙරෙන පිරිස් තුර්කියට පිටවුහල් කිරීමට ස්විඩනය එකක වී ඇති අතර තුර්කියට ආයුධ සැපයීමට පනවා ඇති සීමා ඉවත් කිරීමට ෆින්ලන්තය ද එකග වී තිබේ. ඒ හමුවේයි නේටෝ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ස්විඩනයට හා ෆින්ලන්තයට සහය ලබාදීමට තුර්කිය එකග වී ඇත.

කෙසේවෙතත් එම රටවල් 02 නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධය පළ කරන අතර මීට පෙර ඒ සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබුණි.

ස්විඩනය හා ෆින්ලන්තය නේටෝ සංවිධානය හා එක්වීමට යෝජනා ඉදිරිපත් කළේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුවයි. කෙසේවෙතත් තුර්කිය යනු රුසියාවේ සමීපතමයෙකු වන බැවින් ස්විඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ විරෝධය පළ කර රටවල් දෙකම සිටියේ එකම ස්ථාවරයකයි. එහෙත් තමන්ට හිමිවන වාසිදායක තත්ත්වයන් හමුවේ ස්විඩනයට සහ ෆින්ලන්තයට සහය පළ කිරීමට තුර්කිය ගත් තීරණය සම්බන්ධයෙන් රුසියාව කෙලෙස ප්‍රතිචාර දක්වයිද යන්න අවිනිශ්චිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසනු ඇත.

කෙසේවෙතත් තුර්කි ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ ස්විඩනයෙන් සහ ෆින්ලන්තයෙන් සිය රටට අවශ්‍ය දේ හිමිවූ බවයි.