මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ දස දෙනෙකු ජීවිතක්ෂයට
Fri, July 01, 2022- Page Views : 0 results
මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ ඔඩේසා නගරයේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම මේ ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ කළු මුහුද ආසන්නව තිබෙන ඔඩෙසා නගරයේ මහල් 9ක ගොඩනැගිල්ලකටයි. සිද්ධියෙන් ළමුන් තිදෙනෙකු ඇතුළුව තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්ය.
සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මේ අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ යුක්‍රේනයට ඩොලර් මිලියන 800ක යුද ආධාරයක් ඉක්මනින් ලබා දෙන බවයි. මේ වන විට ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ලබා දුන් සම්පුර්ණ ආධාර මුදල ඩොලර් බිලියන 7කට ආසන්න වේ.