ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට
Mon, July 04, 2022- Page Views : 0 results
ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර ඔවුන් අතුරින් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය සදහන් කර ඇත. කෝපන්හේගන් නගරයේ සුපිරි වෙළදසැලක් තුළ සිදු වූ මෙම වෙඩි තැබීමට අදාළව විසි දෙහැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩි තැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සදහන් කර ඇත.
මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වලට තම කණගාටුව ප්‍රකාශ කරන බව ඩෙන්මාර්ක රාජකීය පවුල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.