WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චිකාගෝහි වෙඩිතැබීමකින් 06 දෙනෙකු මරුට

Tue, July 05, 2022- Page Views : 0 results

අමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ දිනට යෙදී තිබූ අමෙරිකානු නිදහස් දින පෙළපාලියක් අතරතුර පුද්ගලයකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් එම පිරිස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 24 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. වෙඩි තැබීම සිදු කළ සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් කාල සීමාවේදී අමෙරිකාවෙන් එවැනි විවෘත වෙඩි තැබීම් සිද්ධින් කිහිපයක්ම වාර්තා වුණාය.