WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි

Wed, July 06, 2022- Page Views : 0 results

උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිම්බාවේ මහ බැංකුව සඳහන් කරන්නේ උද්ධමනය විශාල වශයෙන් ඉහය ගොස් දේශීය මුදල් ඒකකය දුර්වල වී ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙමගින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම පහත යනු ඇති බව බලාපොරොත්තු වන්නේ යැයි එම එහි එරට මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. සිම්බාබ්වේ රාජ්‍යය විසින් ම අවස්ථා කිහිපයකදීම දේශීය මුදල් ඒකක ප්‍රතිනිර්මාණය කර ඇති නමුත් එමගින් ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නැත.

එරට මහ බැංකුව පසුගිය සතියේ දී බැංකු පොලී අනුපාතය 200% ක් දක්වා ඉහළ නංවා තිබේ.