WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

Fri, July 08, 2022- Page Views : 0 results

ජපානයේ, නාරා නගරයේ පැවති උත්සවයක් අතරවාරයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හිටපු අගමැතිවරයා වේදිකාවේ කතා කරමින් සිටියදී ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවත් ඔහු ලේ ගලමින් වේදිකාව මත ඇද වැටී සිටින අයුරු දක්නට ලැබුණු බවයි ජපානයේ NHK පුවත් සේවය වාර්තා කර සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

ජපාන අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ද සඳහන්ය.හිටපු ටෝකියෝ ආණ්ඩුකාර යොයිචි මසුසෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයාගේ හෘද පෙනහළු හිරවීමේ තත්වයක සිටින බවයි.

ජපානයේ මරණයක් නිල වශයෙන් තහවුරු කිරීමට පෙර මෙම යෙදුම බොහෝ විට භාවිතා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ සෞඛ්‍ය හේතූන් මත 2020 වසරේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වුවාය.