පෘතුගාලයට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ ලැව්ගිනි
Mon, July 11, 2022- Page Views : 0 results
පෘතුගාලයට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.
උතුරු හා මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ රැසකින් ලැව්ගිනි වාර්තා වනවා. තත්ත්වය පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් තුන්දහසක් පමණ සේවයට කැඳවා ඇති බවද සදහන්ය. එමෙන්ම ගිනි නිවීමට යොදා ගන්නා ගුවන් යානා 60කට අධික සංඛ්‍යාවක්ද ලැව්ගිනි මැඩ පැවැත්වීමට යොදවා තිබේ.
ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනපේක්ෂිත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත. තුවාල ලැබූ පිරිස අතරට ගිනි නිවන භටයින් 12 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු ඇතුළත්ය. මේ ආකාරයටම 2017 වසරේදී පෘතුගාලයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණාය.