WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල ඡන්දයෙන් පාලක පක්ෂයට බහුතරය

Mon, July 11, 2022- Page Views : 0 results

දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

පසුගිය සිකුරාදා ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී ඝාතනයට කෙරුණි. පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය තෝරා ගැනීම සදහා පැවති මැතිවරණයෙන් පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කර ඇති බවටයි නිල නොවන වාර්තා පෙන්වා දෙනු ඇත.

ආසන 248 කින් සමන්විත ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 125 ක් සදහා අගමැති ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුතු පාලක පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් ආසන 76 ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇති බව එන් එච් කේ පුවත් සේවය පවසනු ඇත.

සන්ධානයේ අනෙකුත් පක්ෂ ඉදිරිපත් වූ ආසනයන්හි ජයග්‍රහණ පිළිබද මේ වනතෙක් වාර්තා වී නැහැ. කෙසේ වුවද ෂින් ෂෝ අබේගේ ඝාතනය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ආසන සංඛ්‍යාව වැඩි කිරීමට සමත්වනු ඇති බවටයි විශ්ලේෂකයින් පවසනු ඇත.