WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

Tue, July 19, 2022|- Page Views : 0 results

ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම් ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

අද(18) යොමුකෙරුණු සුබ පැතුම් පණිවුඩයෙන් ෂී ජින් පිං මහතා අවධාරණය කළේ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික සංස්කෘතික උරුම මුලපිරීම සඳහා චීනය ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වන බවයි.

චීනය කැණීම්වලදී මනා සුරක්ෂිතභාවය හා භාවිතයේ දී උරුමයන්හි වටිනාකම සෑමවිටම පවත්වා ගෙන යන අතර, කෘෂිකාර්මික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් සිටී. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ, කෘෂිකාර්මික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම සම්මේලනය අද(18) චීනයේ Zhejiang පළාතේ Qingtian කෝරළේ දී ආරම්භ විය. ‘පොදු කෘෂිකාර්මික උරුමය ආරක්ෂා කිරීම හා පූර්ණ ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය’ එහි තේමාවයි.