ඉන්දියාවේ 15 වැනි ජනපති කවුද? ඡන්ද ගණන් කිරීම අද
Thu, July 21, 2022- Page Views : 0 results
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා අද (21) තෝරා පත් කර ගැනීමට නියමිතය.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ , ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම අද පෙරවරු 11.00 ට ආරම්භ කෙරෙන බවයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30 කදී පැවැත්විය.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පක්ෂ නියෝජනය කරමින් ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණ සටනට එක්ව සිටී.ඇයගේ ප්‍රතිවාදියා විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූ යෂ්වන්ත් සිංහායි.
වත්මන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධුර කාලය ජූලි 24 වැනිදායින් අවසන් වන අතර, අද තේරී පත්වන නව ජනාධිපතිවරයා ජූලි මස 25 වැනිදා ධුරයේ දිවුරුම් දීමට නියමිතය.