WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයටත් යලිත් කොරෝනා අවදානමක් - වුහාන්හි ලක්ෂ 10ක් ලොක් ඩවුන් වෙයි

Thu, July 28, 2022- Page Views : 0 results

චීනය යලිත් කොරෝනා අවදානමකට මුහුණ පා තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනයේ මධ්‍යම නගරය වන වුහාන්හි උප නගරයක මිලියනයකට ආසන්න පිරිසක් නිවෙස්වලට සිර කරමින් ලොක් ඩවුන් කිරීමත් සමඟයි. මෙම ප්‍රදේශයෙන් රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් අනාවරණය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

චීනය යනු වෙනත් රටවලට සාපේක්ෂව ගත් කළ වැඩි වශයෙන් කොවිඩ් පරීක්ෂණ, දැඩි හුදකලා නීති සහ අගුලු දැමීම් ඇතුළුව ”ශුන්‍ය කොවිඩ්” උපාය මාර්ග අනුගමනය කරන රටක්.

ඒ අනුව මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි, නිතිපතා පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති රෝගීන් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 මුල් භාගයේදී වුහාන් නගරය, ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ විද්‍යාඥයින් විසින් කොරෝනා වෛරසය හඳුනාගත් පළමු ස්ථානය ලෙස ප්‍රකාශයට පත් වීමත් සමඟයි.