WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකානු ජනපතිට කොරෝනා

Sun, July 31, 2022- Page Views : 0 results

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු එලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ ඉකුත් 21 වනදා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ජනාධිපති බයිඩ්න් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බවයි ඔහුගේ වෛද්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඉකුත් අගහරුවාදා සිට සිකුරාදා දක්වා සිදුකළ කොරෝනා පරීක්ෂා කිරීම්වලදී ඔහු තවදුරටත් කොරෝනා ආසාදිතයෙකු නොවන බව අනාවරණ වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තමන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තවත් දින කිහිපයක් හුදෙකලාව සිටින බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ.