WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අල්කයිඩා නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

Tue, August 2, 2022- Page Views : 0 results

අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටියේ පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවරදී සී අයි ඒ සංවිධානය සිදු කළ ත්‍රස්ථ විරෝධී මෙහෙයුමකදී අල් කයිඩා නායකයා මිය ගොස් ඇති බවයි.

2011 වසරේදී ඔසාමා බිල්ලාඩන්ගේ මරණයෙන් පසු අයිමාන් අල් සවාහිරි අල්කයිඩා සංවිධානයේ නායකත්වයට පත්වුණා.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ අයෙකු ලෙස ඇමරිකාවට වඩාත් අවශ්‍ය කර සිටි ත්‍රස්තවාදී නායකයෙකු ලෙසයි අයිමාන් අල් සවාහිරි හැදින්වුණේ.