WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප්ගේ නිවසක් FBI නිලධාරීන් වටලයි

Tue, August 09, 2022- Page Views : 0 results

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසක් FBI නිලධාරීන් විසින් වටලා තිබේ. ෆ්ලොරිඩාහි පාම් බීච් ප්‍රදේශයේ පිහිටි සිය නිවස FBI නිලධාරීන් විශාල පිරිසක් පැමිණ පරික්ෂාවට ලක් කර ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

පෙර දැනුම්දීමකින් තොරව එම වැටලීම සිදු කර ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.රහසිගත ලේඛණ සොයා එම පරික්ෂාව සිදු කර ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය වසරේ කැපිටල් ගොඩනැඟිල්ලේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාල කරුණු සොයා වැටලීම සිදු කරන්නට ඇති බවටද මත පලවේ.

අදාල අවස්ථාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නිවසේ රැදී සිට නැහැ. තමන් මීලඟ ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කිරීම වැලැක්වීම සඳහා අසත්‍ය චෝදනා නැගීමට හා අධිකරණ පද්ධතිය ආයුධයක් ලෙස යොදා ගැනීමට මෙවැනි ක්‍රියා සිදු කර බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.