දකුණු කොරියාවට හදිසි ගංවතුර තත්ත්වයක්
Tue, August 09, 2022- Page Views : 0 results
දකුණු කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබේ. විවිධ ආපදා හේතුවෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජල ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. ඇතැම් ප්‍රදේශවලට වසර 80 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය ඊයේ දිනයේ ලැබී ඇති බවයි දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත.