ප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට වේදිකාවක් මතදී පිහි ප්‍රහාරයක් එල්ල වෙයි
Sat, August 13, 2022|- Page Views : 0 results
ලොව ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩි අමෙරිකාවේ බටහිර නිව්යෝක්හිදී පිහි ඇණුමකට ලක්ව තිබේ. විදෙස් වාර්තා පැවසුවේ නිව්යෝක්හි පැවති උත්සවයකදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
එම උත්සවයේදී වේදිකාව මත රැදී සිටි සල්මන් රුෂ්ඩිට එම ස්ථානයට එකවර පැමිණි පුද්ගලයකු මෙලෙස පිහි ඇණුම සිදු කර ඇති බවද සදහන්ය.
තුවාල ලැබූ සල්මන් රුෂ්ඩි ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් පෙන්සිල්වේනියාවේ රෝහලකට රැගෙන ගොස් තිබේ. ප්‍රහාරය සිදු කළ නිව් ජර්සිහි පදිංචි 24 හැවිරිදි සැකකරු නිව්යෝක් ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේය.
1998 වසරේදී ද සාටනික් වර්සස් කෘතිය රචනා කළ සල්මන් රුෂ්ඩි ඉස්ලාමීය සටන්කරුවන්ගේ තර්ජනවලට ලක්ව සිටි බවද සදහන්ය.