WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිවානයට යළිත් චීනයෙන් සම්බාධක

Tue, August 16, 2022- Page Views : 0 results

තායිවාන රජයේ උසස් නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව චීනය සම්බාධක පනවා තිබේ. චීනය පවසන්නේ අදාළ නිළධාරීන් පිරිස තායිවානයේ නිදහස වෙනුවෙන් සහය ලබාදෙමින් සිටින බවයි.

ඒ අනුව චීනයෙන් පැනවූ සම්බාධක යටතේ අදාළ තායිවාන නිලධාරීන් පිරිසට චීනයට ඇතුළුවීම තහනම් වනු ඇත. චීනයට අමතරව හොංකොං රාජ්‍යයට හා මැකෝ දේශය වෙත ගමන් කිරීම ද අදාළ තායිවාන නිලධාරීන් පිරිසට තහනම් වේ.

එමෙන්ම ඔවුන්ට චීන රජයේ නිලධාරීන් සමග ගනුදෙනු කිරිම ද තහනම් බවයි චීනය පැවසුවේය.තායිවානය සම්බන්ධයෙන් චීනය යළිත් මෙලෙස කෝපයට පත්ව සිටින්නේ අමෙරිකානු සෙනට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් හදිසි සංචාරයක් සඳහා තායිවානයට පැමිණීම හේතුවෙනි. ඊට එරෙහිව චීනය ඊයේ යුද අභ්‍යාසයක් ද ආරම්භ කළාය.