මතභේදාත්මක සිදුවීම් මැද කෙන්යාවට නව ජනාධිපතිවරයෙක්
Tue, August 16, 2022|- Page Views : 0 results
කෙන්යාවේ ජනාධිපතිවරණයෙන් එරට උප ජනාධිපති විලියම් රූටෝ ජය ලබා තිබේ. ඒ, මතභේදයට තුඩුදුන් සිද්ධීන් කිහිපයක් හමුවේයි. ප්‍රකාශිත වලංගු ඡන්දවලින් සියයට 50 යි දශම 2 ක බලයක් හිමිකර ගැනීමට උප ජනාධිපති විලියම් රූටෝ සමත්ව තිබේ. ඔහු හමුවේ පරාජයට පත්වුණේ ප්‍රතිවාදී අපේක්ෂක රයිලා ඔඩින්ගායි.
රයිලා ඔඩින්ගාගේ ආධාරකරුවන්ගේ ඝෝෂා කිරීම් හා බාධා එල්ල කිරීම මධ්‍යයේ ප්‍රතිපල නිවේදනය කිරීමට ප්‍රමාද වූ බවයි විදෙස් වාර්තා පැවසුවේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පිරිසක් ද ප්‍රථිපලවලට විරෝධය පළ කර තිබුණේ ජනාධිපතිවරණය දූෂිත බවට පවසමිනි.
විලියම් රූටෝ වසර 10 ක් පුරා කෙන්යාවේ උප ජනාධිපති ධූරය දරුවා. කෙසේවෙතත් ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.