WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉස්ලාමිය ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ පැවති සෝමාලියාවේ හෝටලයක් ආරක්ෂක අංශ භාරයට

Sun, August 21, 2022- Page Views : 0 results

ඉස්ලාම් අන්තවාදී සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන සිටි සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර පිහිටි හෝටලය එරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ. ඒ, පැය 30 ක් පුරා සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුවයි.

සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ශබාබ් සටන්කාමීන් විසින් අදාළ හෝටලය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබුණි. අනතුරුව හෝටලය තුළට පිවිසි සටන්කාමීන් එහි සිටි පිරිසක් ප්‍රාණ ඇපයෙහි රඳවා ගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේය.

ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදා ගැනීම සඳහා සෝමාලියානු හමුදාව දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. ඉන් බහුතරයක් සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.