තර්ජනාත්මක ප්‍රකාශයක් නිසා පකිස්තාන හිටපු අගමැතිට රතුඑළි
Mon, August 22, 2022- Page Views : 0 results
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එරට පොලිසීය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් සෙනසුරාදා පැවති රැළියකදී පකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද්හි පොලිස් ප්‍රධානියා සහ කාන්තා විනිසුරුවරියක් හෙළා දකිමින් සිදුකළ ප්‍රකාශයකට අදාළව එම විමර්ශනය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාල ප්‍රකාශයෙන් ත්‍රස්ත විරෝධී පනත උල්ලංඝණය කර ඇති බවයි පොලිස් විමර්ශකයින් ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් ඉස්ලාමාබාද්හි පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවස අසලට රැස්වූ ඔහුගේ ආධාරකරුවන් අදාළ විමර්ශනවලට විරෝධය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළාය.
විශ්වාසභංගයකින් ඉකුත් අප්‍රේල් මාසයේදී බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් නැවත මැතිවරණයක් පත්වන ලෙස ඉල්ලමින් අරගලයක නිරතවේ.
එහිදී අවස්ථා කිහිපයකදීම ඉම්රාන් ඛාන් පකිස්තාන රජය සහ හමුදාව විවේචනය කරමින් අදහස් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.