WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පකිස්තානයෙන් තුනෙන් එකක් වතුරේ

Tue, August 30, 2022- Page Views : 0 results

දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇතැයි එරට කාලගුණ අමාත්‍ය ෂෙරී රහමාන් පවසනු ඇත. ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග, නිවාස සහ බෝග වගාවන් රැසක් විනාශ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළාය. එය පකිස්තානයට මුහුණ පෑමට සිදුව ඇති මහා විනාශකාරී තත්ත්වයක් බවයි පකිස්තාන කාලගුණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඉකුත් ජුනි මාසයේ සිට පකිස්තානයට අඛණ්ඩව ඇද හැලුනු මෝසම් වර්ෂාව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන මේවනවිට 1,136 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දිනෙන් දින මළ සිරුරු සොයා ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද බලධාරීන් පවසනු ඇත.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක් තුළ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන සැලසීම අපහසු බවයි පකිස්තාන රජය පවසනු ඇත. එබැවින් සිය රටට සහය වන්නැයි පකිස්තානය මේවනවිටත් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් පකිස්තානයට සහය වන්නැයි ඉල්ලා අමෙරිකානු ඩොලර් මිලියන 160 ක් එක්රැස් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ජාත්‍යන්තරයෙන් ආයාචනයක් සිදුකිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළාය.