WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සමන්තා පවර් අද දිවයිනට

Sat, September 10, 2022- Page Views : 0 results

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් අමෙරිකානු නියෝජිතවරිය මෙම සංචාරය සිදුකරන බව වාර්තා වේ.

සිය සංචාරය අතරතුර ඇය ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් සමග වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම් සොයන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ද සමන්තා පවර් මහත්මිය සැලසුම් කර තිබේ.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ පාර්ශව හමුවී ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සිය අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.