WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහ රැජිණට අවසන් ගෞරව දක්වන්න ජනතාව වැළ නොකැඩී ලන්ඩන් වෙත

Thu, September 15, 2022- Page Views : 0 results

අභාවප්‍රාප්ත එළිසෙබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ලන්ඩන්හි වෙස්මිනිස්ටර් ශාලාව වෙත පැමිණෙමින් සිටි. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ සිටයි.

විදෙස් මාධ්‍ය නවතම වාර්තාවල දැක්වෙන්නේ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටින ජනතාවගේ පෝලිම කිලෝ මීටර් 04 කට ආසන්න බවයි. වෙස්මිනිස්ටර් ශාලාවට ඇතුවීමට දිගු වේලාවක් බලා සිටීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍යය රජය පවසා තිබුණද ජනතාවගේ පැමිණීමේ අඩුවක් සිදුව නැහැ.

එක් කාන්තාවක් ඩොලර් 8,000 ක් වියදම් කර පැමිණ තිබුණේ කැනඩාවේ සිටයි.

එළිසෙබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිඟයේ සිට පෙරහරකින් වෙස්මිනිස්ට්ර් ශාලාව වෙත රැගෙන ආවා. ඇයගේ දේහය පිටුපසින් තුන්වන චාල්ස් රජු සමඟ විලියම් කුමරු සහ හැරී ද පැමිණෙන අයුරු දැකගත හැකි වුණාය.

හයිඩ් පාර්ක්හිදී ආචාර වෙඩි මුර දැල්වුණු අතර සෑම විනාඩියකම බිග් බෙන් සීනුව වාදනය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රැජිණගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාව තුළ ලබන සඳුදා තෙක් තැන්පත් කර තිබේ. ඉදිරි දිනවල ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇති බවටයි බ්‍රිතාන්‍යය මාධ්‍ය මේ වන විටත් විශ්වාසය පළ කර ඇත.