බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්
Mon, September 19, 2022- Page Views : 0 results
චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ චීනය යම් හෙයකින් තායිවානය ආක්‍රමණය කිරිමට කටයුතු කළ හොත් අමෙරිකාව ඊට මැදිහත් වන බවය.
විදෙස් නාළිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ බව ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු චීනය විසින් තායිවානයට එරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය. කෙසේවෙතත් චීන බලපෑම් හමුවේ නොසැලී සිටිමට තායිවානය වෙත අමෙරිකාව සහය ලබාදෙන බව එරට ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර ඇත.