WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකානු ජනපති හා අලි සබ්‍රි අතර හමුවක්

Fri, September 23, 2022- Page Views : 0 results

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවිය.

සමුළුවට එක්ව සිටින ලෝක නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා ලබාදෙන සාම්පදායික රාත්‍රි භෝජන සංග්‍රහයට සමගාමිව මෙම හමුව සිදුව තිබේ.

නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී, හෙට (24) දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.