WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ රහස් හෙළි කළ ස්නෝව්ඩන්ට රුසියානු පුරවැසිභාවය

Tue, September 27, 2022- Page Views : 0 results

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙළි කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ලබාදී තිබේ. ඒ, අදාළ රහස් හෙළි කිරීමෙන් වසර 09 කට පසුවයි.

ස්නෝව්ඩන්ට සිය රටේ පුරවැසිභාවය ලබාදීම සඳහා රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් අත්සන් තබා ඇත්තේ ඊයේ දිනයේදීයි. 2013 වසරේදී ස්නෝව්ඩන් විසින් අමෙරිකානු ජාතික ආරක්ෂණ ඒජන්සිය සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් රැසක ලේඛණ අනාවරණ කළාය.

මෙම සිදුවීමෙන් පසු අමෙරිකාවෙන් පළා ගොස් හොංකොං වෙත පැමිණි ස්නෝව්ඩන් පසුව රුසියාවේ පදිංචියට පැමිණියාය. ඉකුත් 2020 වසරේදී ඔහුට සිය රටේ ස්ථීර පදිංචිය ලබාදීමට ද රුසියානු රජය පියවර ගත්තාය.