WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානය නිසා අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාවත් සමග පැටලෙන ලකුණු

Wed, October 05, 2022- Page Views : 0 results

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටි.

ඒ මිසයිල ප්‍රහාර එල්ල කරමිනි. ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපාන මුහුදු සීමාවට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසනු ඇත.

උතුරු කොරියාව ඊයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක නිරත වූ අතර එලෙස එල්ල කළ බැලැස්ටික් මිසයිලයක් ගමන් කර තිබුණේ ජපානයට ඉහළින්ය. වසර 05 කට පසුව උතුරු කොරියාවේ මිසයිලයක් ජපානයට ඉහළින් ගමන් කළ පළමු අවස්ථාව ද එය වුණාය.

කෙසේවෙතත් මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසනු ඇත. ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව නැගී සිටීමයි.

ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළාය.

කෙසේවෙතත් අමෙරිකාවේ හා දකුණු කොරියාවේ මෙම මිසයිල මෙහෙයුම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.