WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාව මිත්‍ර පාර්ශ්වයන් ගැන වැඩි අවධානයෙන්

Thu, October 13, 2022- Page Views : 0 results

අමෙරිකාවේ බයිඩන් පාලනය විසින් ඉන්දියාව වෙත දැඩි අවධානයක් යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ අමෙරිකාව සිය ප්‍රජාතාන්ත්‍රික මිත්‍ර පාර්ශ්වීය රටවල් සමග පවතින සබදතා වර්ධනය කරගැනීම පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුකර ඇති බවය.

යුද අභියෝග, විශේෂිත දේශගුණික විපර්යාස, වසංගත අවස්ථා සහ ආර්ථික කැළඹීම් වැනි අභියෝගාත්මක අවස්ථාවලට එක්වී මුහුණදීම සඳහා මිත්‍ර පාර්ශ්වයන් සමග සහයෝගිතාව වර්ධනය කරගැනීම බයිඩන් පාලනයේ අරමුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බයිඩන් පාලනය මගින් නිකුත්කර ඇති අදාළ ප්‍රතිපත්ති වාර්තාව මගින් පෙන්වාදී ඇත්තේ ඉන්දු පැසිෆික් කලාපයේදී ලොව විශාලතම ප්‍රජාතාන්ත්‍රික රට හා අමෙරිකාවේ ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවා වන්නේ ඉන්දියාව බවය.