WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු අගමැති යළි බ්‍රිතාන්‍ය අගමැති පුටුවට ඉව අල්ලයි

Fri, September 21, 2022- Page Views : 0 results

ලීස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියත් සමඟ එරට දේශපාලනය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. නාම යෝජනා භාරගැනීම සඳුදා පස්වරු 02 ට අවසන් වන නමුත් එම ධූරයට තරඟවදින්නේ කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශවී නැහැ.

විවිධ ආන්දෝලනාත්මක සිද්ධි හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති ධූරයෙන් ඉවත්වූ බොරිස් ජොන්සන් යළි අගමැති ධූරයට තරඟවදිනු ඇති බවටද බ්‍රිතාන්‍යයෙන් ලැබෙන වාර්තාවල සඳහන්. කැරිබියන් දූපත්වල නිවාඩුවක් ගතකරමින් සිටින ඔහු අද බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත බවටයි වාර්තාවේ.

ලීස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත් කෙරුණේ බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි. කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ධූරයට තරඟවදින අපේක්ෂකයාට මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත නව අගමැතිවරයෙකු තෝරා පත්කර ගැනීම ලබන සිකුරාදා වන විට සිදුකළ යුතු වේ.

මෙම අර්බුදයට හේතුව වූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලීස් ට්‍රස් ඊයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමයි. ඒ, බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉකුත් සමයේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය හා ආර්ථික අර්බුදය හේතුවෙනි. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තුරු ඇය එම ධූරයේ කටයුතු කරනු ඇත.

ලීස් ට්‍රස්ට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය හැර යාමට සිදුවූ ප්‍රධාන හේතුව වූයේ ආන්දෝලනයක් ඇතිකරමින් ඇය පැනවූ බදු සංශෝධන ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ආපසු හැරවීමට සිදුවීමයි. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය පැවසුවේ තමාගෙන් අපේක්ෂා කළ කාර්ය සාර්ථකව ඉටු කිරීමට නොහැකි වූ බවයි.

දින 45 ක් පමණක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඇය, එම ධූරය අඩුම කාලයක් දැරූ පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට ද එක්ව තිබේ. මීට පෙර 1827 දී ජෝර්ජ් කැනින් දින 119 ක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය හොඹවා තිබුණි.

මේ අතරතුර විපක්ෂයේ දේශපානඥයින් වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස වත්මන් පාලක පක්ෂයට බලකරමින් සිටි.