රුසියාව, යුක්රේනයට එල්ල කළ මිසයිලයක් පෝලන්තයට පතිත වෙයි
Wed, 16 November 2022- Page Views : 0 results
රුසියාව, යුක්රේනය දෙසට එල්ල කළ මිසයිලයක් පෝලන්තයේ ගම්මානයට පතිත වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව යි.
පෝලන්තය යුක්රේන දේශසීමාවේ පිහිටි නේටෝ සංවිධානයට අයත් රටක් වනවා.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි නේටෝ සංවිධානය කියා සිටියේ.
රුසියාව ප්‍රකාශ කළේ තමන් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ නො කළ බව යි.
හිතාමතා රුසියාව අපහසුතාවයට පත් කිරීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.
එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ රුසියාව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව යි.