WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවටත් එල්ල කළ හැකි මිසයිලයක් උතුරු කොරියාවෙන්

2022-11-18 22:36:03- Page Views : 1187

උතුරු කොරියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයටත් පහර දිය හැකි තරම් දුර ප්‍රමාණයකින් යුත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා තිබෙනවා. එය තහවුරු කර ඇත්තේ ජපානය විසින්.

මෙම මිසයිල අත්හදා බැලීම අමෙරිකාව මෙන්ම දකුණු කොරියාවද හෙළා දැක තිබෙනවා.

එමෙන්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හමුවේ දකුණු කොරියාවේ ජනාධිපති, අමෙරිකාවේ ජනාධිපති සහ ජපානයේ අගමැති රටවල් තුන අතර යුද හමුදා සහයෝගීත්වය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.