WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු අගමැති ට දරුණු පරාජයක්

2022-11-20 15:23:16- Page Views : 1187

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබේ.

ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බව වාර්තා වේ.

97 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.

1981 සිට 2003 දක්වා වසර 22ක් මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් 2018 වසරේදී ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස යළි තේරී පත්විය.

ඒ වන විට 93 වන වියේ පසුවූ මහතීර් මොහොමඩ් මහතා මාස කිහිපයකට පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය.