ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 48 ක් අනතුරකට ලක්වෙයි
2022-11-21 09:22:18- Page Views : 1187
ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වී තවත් රථයක ගැටීමෙන් පසුවයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මේ හේතුවෙන් කිලෝමීටර දෙකකට වැඩි දුරකට වාහන තදබදයක් පැවති බව වාර්තාවනවා.