ජනප්‍රිය ඉරාන නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට
2022-11-21 15:55:40- Page Views : 1187
ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙනි.
හෙන්ගමෙහ් ඝසියානී (Hengameh Ghaziani) සහ කටයුන් රිආනි (Katayoun Riahi) එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂකයින්ට සහාය දක්වමින් ඔවුන් හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට ගොස් තිබූ බවට චෝදනා එල්ලවෙයි.
22 හැවිරිදි මාෂා අමිනි (Mahsa Amini)පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ඇරඹිණි.